Sunday, April 13, 2025

General line - 0115112241

ඔස්ට්‍රේලියාවෙන් අලුත් නීතියක්



පුද්ගලික කාලය ආරක්ෂා කිරීම සහ වැඩ-ජීවිත සමතුලිතතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව විසින් කම්කරුවන් සඳහා නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.

අද සිට බලපැවැත්වෙන පරිදි "right to disconnect" "විසන්ධි කිරීමේ අයිතිය" යන මෙම නිතිය ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව සාමාන්‍ය වේලාවෙන් පිටත රැකියා සම්බන්ධ  අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම්,ඊමේල් පණිවුඩ සඳහා  ප්‍රතිචාර නොදක්වා සිටීමට  කම්කරුවන්ට ඉඩ සලසා දෙනු ලබනවා.

මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2017 දී විසන්ධි කිරීමේ අයිතියක් හඳුන්වා දුන් පළමු රට ප්‍රංශය වන අතර, පසුව බෙල්ජියම, ඉතාලිය, ආර්ජන්ටිනාව, චිලී, ලක්සම්බර්ග්, මෙක්සිකෝව, පිලිපීනය, රුසියාව, ස්ලෝවැකියාව, ස්පාඤ්ඤය, කැනඩාවේ ඔන්ටාරියෝ සහ අයර්ලන්තයයි.