Sunday, March 16, 2025

General line - 0115112241

දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට



නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවෙකු වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදීයි.

වැල්ලම්පිටිය, නවගමුව සහ හංවැල්ල පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපළ සොරකම් කළ බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් සොරකම් කරන ලද රන් අත් පලඳනා දෙකක්, රන් මුදු තුනක්, රන් මාල හතරක්, රිදී මාලයක් සහ ජංගම දුරකථන නවයක් මේ වනවිට සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.