Tuesday, April 15, 2025

General line - 0115112241

දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි දෙලක්ෂ 20,000ක් පමණ වනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි ටැක්සි රථ රියැදුරෙකු ලෙස සේවය කළ අනුරාධපුර, මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.