Sunday, March 16, 2025

General line - 0115112241

ඉදිරියේ ඇතිවිය හැකි අනතුරක් මහ බැංකු අධිපති පෙන්වා දෙයි



රටේ පවතින ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රතිඵලයන් නැවත හැරවීමක් සිදු වුවහොත් රට යළි කඩා වැටෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එසේ සිදු වුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳීමට සිදු වූ ආර්ථික හා සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37වන සමුළුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම අදහස් පල කළා.