Sunday, March 16, 2025

General line - 0115112241

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්‍ෂිත පැකට්ටු ආයතන වෙත



තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්ෂිත පැකට්ටු අද සිට ආයතන ප්‍රධානීන් වෙත භාරදෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.  

ලබන 30 වනදාට පෙර එම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්‍ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.


ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතිනවා.

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ 12,319ක් පිළිගත් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.