Saturday, April 27, 2024

General line - 0115112241

නාමල් ඇතුලේ රෙකෝඩ් එකක් කඩලා




වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් කිසිඳු අයෙකු මේ වන විට සොයා ගැනීමට නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

හලාවත ප‍්‍රදේශයේ ඊයේ (24) රාති‍්‍රයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා සඳහන් කළේ ආණ්ඩුව බලයට පැමිණිමට පෙර සඳහන් කළ කිසිවක් යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

සිරගත වීම සම්බන්ධයෙන් තමන් මේ වන විට වාර්තාවක් පිහිටුවා ඇතැයිද මන්තී‍්‍රවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී හෙතෙම පැවසුවේ ” මමත් ඇතුලෙ ඉදන් ආවේ පෙරේදා. හිරේ ඉන්න උන්ගෙ රෙකෝඩ් එකත් මං දැං කඩලා. උන් අවුරුද්දට දෙපාරයි යන්නෙ. මම මාසෙට දෙපාරක් යනවා. හැබැයි අපිනම් පළි ගන්නෙ නැහැ.. අපි නම් මෛත්‍රී කරනවා.. ඩබල් මෛත්‍රී කරනවා.” යනුවෙනි.