Tuesday, March 18, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි දෙවෙනි ටෙස්ට් තරඟයේ එංගලන්තය ලකුණු 256ක් ඉදිරියෙන්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ එංගලන්ත කණ්ඩායම දෙවන දින නිමාවන විට ලකුණු 256ක් ඉදිරියෙන් පසුවුණා.

දෙවනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 427ක්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා රැස් කිරීමට හැකි වූයේ  ලකුණු 196ක් පමණයි.