Sunday, April 13, 2025

General line - 0115112241

ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට



බේරුවල නගරයේ පිහිටි විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයකින් විදුලි උපකරණ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, බේරුවල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

ඔවුන් විසින් ජංගම දුරකථන 18ක්, ලැප්ටොප් පරිගණක 2ක්, රූපවාහිනී යන්ත්‍ර 3ක් ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කර තිබුණා.

එම විදුලි උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 27ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් තිදෙනා අතර සැකකාරියක් ද වනවා. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.