Tuesday, March 18, 2025

General line - 0115112241

ජීව උණ්ඩයක් සමඟ ගුවන් හමුදා සෙබළියක් කටුනායකදී අත්අඩංගුවට 



කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි  විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇයගේ අත් බෑගය  ගමන් මලු පරිලෝකන යන්ත්‍රය තුලින් පරීක්ෂා කිරීමේදී බෑගය තුළ තිබී  ටී – 56 උණ්ඩයක් සොයාගැනීමෙන් අනතුරුවයි 

ඇය කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියක් වන අතර ඊයේ දින පස්වරු 05.45 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇයගේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ජීව උණ්ඩය සොයා ගෙන තිබූ අතර පසුව ඇය මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා..

එහිදී ඇය පවසා ඇත්තේ  මෙම උණඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බවයි 

මෙම විශ්‍රාමික ගුවන් හමුදා සෙබළිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි