Tuesday, March 18, 2025

General line - 0115112241

සෞදියට ගිය බර වාහන රථ රියදුරෙකුගෙන් ඉල්ලීමක්



සෞදි ආරාබියේ බර වාහන රථ රියදුරෙකු ලෙස සේවය කරන තමන් යළි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉල්ලීමක් කරනවා.

සෞදි ආරාබියේ තමන් රැකියාව කරන ආයතනයෙන් වැටුප් ලබා නොදෙන බවයි ඔහු කියා සිටියේ.

මේ හේතුවෙන් තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත පැමිණිලි කළ ද සිය ඉල්ලීමට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි ඔහු කියා සිටියේ.


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමක් කළා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.