Tuesday, March 18, 2025

General line - 0115112241

දින තුනක ඩෙංගු මර්දන වැඩසටහනක්



දිවයිනේ අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 29ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ආරම්භ වුණා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පැවසුවේ පවතින වැසි තත්ත්වය සහ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් ඩෙංගු වැඩසටහන තෙදිනක් ක්‍රියාත්මක කරන බවයි.


මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අමතරව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද එක්වන බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසුවා.