Thursday, March 20, 2025

General line - 0115112241

සංචාරකයින්ට කඩිනමින් වීසා ලබාදිය හැකි ක්‍රමයක් ගැන මන්ත්‍රී කාවින්දගෙන් පැහැදිලි කිරීමක්



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරි හිඟයට විසඳුමක් ලබාදී මෙරටට පැමිණෙන සංචාරකයන්ට වීසා ලබා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.


"On Arrival Visa" ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.


වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා.


සහල් මිල පහත දැමීමේ අපේක්ෂාවෙන් ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.