Wednesday, March 19, 2025

General line - 0115112241

නිරීක්‍ෂණයට 1,000ක බලකායක් - පොලීසියත් සීරුවෙන්



රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය නිරීක්‍ෂණය කිරීමට දහසක නිරීක්‍ෂණ කණ්ඩායමක් දිවයින පුරා යොදවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

හඳුනාගත් ඇතැම් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.


තැපැල් ඡන්දයට අදාළ සියලු ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලීසිය පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්දය පැවැත්වෙන දිනවලදී ආකාර කිහිපයකින් ආරක්‍ෂාව ලබා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ. 


ජනාධිපතිවරණය අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට සහ අනිද්දාද පැවැත්වීමට නියමිතයි.