Sunday, April 13, 2025

General line - 0115112241

ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



බලංගොඩ, උඩගම ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර ගොඩකවෙල මුත්තෙට්ටුපොළ ප්‍රදේශයේදී ද ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගොඩකවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.