Thursday, March 20, 2025

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ධූරවලින් ඉවතට



වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඔවුන් දැරූ ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

එලෙස රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇත්තේ ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ඩී.වී. චානක සහ ප්‍රසන්න රණවීරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ඉවත් කිරීම සිදුකර තිබෙනවා.