Thursday, March 20, 2025

General line - 0115112241

සියයට 50 ස්ථිරයි - දෙවන මනාපයක් අවශ්‍ය නැහැ - අනුර පළමුවරට හෙළි කරයි



මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එබැවින් දෙවන මනාපය සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවයි ඔහු කියා සිටියේ.

අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 


සියයට හය ඉක්මවූ ආර්ථික වර්ධනයක් තම වැඩපිළිවෙළ යටතේ අත්පත් කර ගත හැකි බවත් ඒ හරහා අයවැය පරතරය අවම කර ගත හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවා.