Friday, March 21, 2025

General line - 0115112241

වසරේ පළමු මාස හයේ පුද්ගලයින් 26ක් අල්ලස් දැලේ - පොලිස් නිලධාරීන් 08කුත් ඒ අතර

ලලිත් චාමින්ද



මෙම වසරේ මුල්මාස හය තුළ පැමිණිලි 2,142ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අතර අල්ලස් ලබාගැනීමේ සිද්ධීන්වලට අදාළ පැමිණිලි 158ක් වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

දූෂණ පැමිණිලි 379ක් සහ අයුතු වත්කම් ඉපැයිම් පිළිබඳ පැමිණිලි 79ක් ද ලැබී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ මුල්මාස හය තුළ  සිදුකරනු ලැබූ වැටලිම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා.

ඒ, අතර පොලිස් නිලධාරීන් අට දෙනෙකුද වනවා.

ඊට අමතරව මෙම කාලසිමාව තුළ අල්ලස් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකුට නඩු පවරා තිබෙනවා.  

ඒ අතරින් වරදකරුවන් වූ සංඛ්‍යාව 11ක් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.