Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික 5ක් එංගලන්තයේදී දියේ ගිලී මරුට (PHOTOS)




එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය තරුණයන් පස් දෙනාම දියේ ගිළුණු බවට දුටු බව එම අවස්ථාවේ වෙරළේ සිටි බොහෝ දෙනෙකු දුටු බවයි එංගලන්තයේ පළ වන ඬේලි මේල් පුවත්පත වාර්තා කළේ.

මියගිය පස් දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. අනිත් දෙදෙනාගේ සිරුරු සෙවීම සදහා එංගලන්තයේ දකුණු දිග කැම්බර් සෑන්ස් වෙරළේ හෙලිකොප්ටර් යානා පවා යොදා ගනිමින් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

මෙම තරුණයන් පස්දෙනා ලන්ඩන් නුවර සිට එක්දින චාරිකාවක් සදහා කැම්බර් වෙරළට පැමිණ තිබෙනවා. ඔවුන් එංගලන්තයේ පදිංචිවී සිටින ප‍්‍රදේශය ලන්ඩන් බව තහවුරු වී ඇතත් ඔවුන් නීත්‍යානුකූලව එංගලන්තයේ රැඳී සිටි පුද්ගලයන් දැයි තහවුරු කළ නොහැකි බව එරට පොලීසිය ප‍්‍රකාශ කළා.

එංගන්තයට ගී‍්‍රෂ්ම ඍතුව ගෙවන මෙම කාලසීමාව තුළ බොහෝ පිරිස් වෙරළාසන්න ප‍්‍රදේශවලට සහ එළිමහන්වල ගතකිරීම සිදුවනවා.

තරුණයන් පස්දෙනා අනතුරට පත්වන අවස්ථාව වනවිට කැම්බර් වෙරළෙහි අතිවිශාල පිරිසක් සිටි බවද වාර්තා වනවා.

378D16E600000578-3756569-Those_on_the_beach_watched_on_in_horror_as_helicopters_landed_on-a-13_1472064433610 378D16FE00000578-3756569-image-a-7_1472105865800 378D175B00000578-3756569-image-a-6_1472105857348 378D546500000578-3756569-image-a-10_1472105871205

CAMBER BEACH EAST SUSSEX GV - TAKEN DAY AFTER 5 PEOPLE DROWNED ON THIS SUSSEX BEACH