Monday, March 31, 2025

General line - 0115112241

පහේ ශිෂ්‍යත්ව ගැටළුව විසඳෙයි - ලකුණුත් හැකි ඉක්මනින්



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3 සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව   කලින් පිටවූ බව කියන ප්‍රශ්න 3ට අදාලව සම්පූර්ණයෙන්ම ලකුණු ලබා දීමට අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය  තීරණය කර තිබෙන්නේ.

එමෙන්ම අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය  නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි.