Tuesday, April 1, 2025

General line - 0115112241

ගිනි අවි කොටස් සමඟ සැකකරුවෙකු වැලිගෙපොලදී අත්අඩංගුවට



වැලිගෙපොල, කෙවෙලගල ප්‍රදේශයේදී ගිනි අවි සහ ගිවි අවි කොටස් කිහිපයක් සන්තව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.            

ඒ, වැලිගෙපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

එහිදී පොලිස් භාරයට ගෙන ඇති ගිනි අවි ගණන 4ක්.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පුද්ගලයෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයන් වැලිගෙපොල පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.