Tuesday, April 22, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන්නැයි ජනපතිගෙන් උපදෙස්



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී දෙමව්පියන් පෙන්වා දී ඇත්තේ පසුගිය දා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් නොව ප්‍රශ්න 08ක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවයි.

එබැවින් එහි පළමු ප්‍රශ්නයට අදාල විභාගය යළි පවත්වන ලෙසට මව්පියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.