Sunday, March 16, 2025

General line - 0115112241

බිලියනපති ව්‍යාපාරිකයා ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි 



ජනාධිපතිධූර අපේක්ෂක  රිපබ්ලිකන් පක්ෂ ඩොනල්ඩ් ට්‍රම්ප්ට  බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරිකයෙකුගේ සහය හිමිවී තිබෙනවා.

ඒ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම X සමාජ මාධ්‍යයේ හිමිකරු වන 
ඉලෝන් මස්ක්ගෙන්.

ඉලොන් මස්ක්, ට්‍රම්ප්ට සහාය දක්වන බව නිවේදනය කළේ ඊයේ පෙන්සිල්වේනියා ජනපදයේ, බට්ලර් නුවර පැවැත්වුණු මැතිවරණ රැළිය අතරතුරේ ට්‍රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය ජූලි මස 13 වැනිදා ඩොනල්ට් ට්‍රම්ප් ඝාතන තැතෙන් දිවි ගලවා ගනු ලැබුවේ ද මෙම ස්ථානයේදීම පැවැති ජන රැළියක් අතරතුරදී වීම ද විශේෂත්වයක්.

එම වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දකුණු කන් පෙත්ත තුවාල විය. 

වේදිකාවේ සිටි රැස්ව සිටි රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතද්දී, ට්‍රම්ප් එම සිද්ධිය ද මතක් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.