Friday, May 23, 2025

General line - 0115112241

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්



ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.      

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ජනපතිට සිය සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුලපිරීම ද පැසසුමට ලක් කර තිබෙනවා.