Friday, April 26, 2024

General line - 0115112241

ලාංකිකයින් පස්දෙනාගේ මරණයෙන් ලන්ඩනය හෙල්ලෙයි (PHOTOS)




එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී දියේ ගිලී ජීවිතක්‍ෂයට පත් වූ ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනාගේ අනන්‍යතාව හෙළි වී තිබෙනවා.

ඔවුන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන නිදර්ශන් රවී , කෝභිනාධන් , කෙන්නාධන් , කුරුශාන්ත් අන්නා , ඉන්දුශාන් ශ්‍රී යන ද්‍රවිඩ ජාතික තරුණයින් වනවා.

කෙසේවෙතත් ඔවුන් දියේ ගිලුණේ කෙසේ දැයි මේ වනතෙක් අනාවරණ වී නැහැ. ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (25) රාති‍්‍රය වනතුරුත් දියේ ගිලිනු පිරිසෙන් සොයාගෙන තිබුණේ තිදෙනෙකුගේ මළ සිරුරු පමණයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එංගලන්තය පුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඊට එක් හේතුවක් වී ඇත්තේ සංචාරකයින් බහුලව ගැවසෙන මෙම වෙරළ තීරයට ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යොදවා නොතිබීමයි.

එමෙන්ම මෙම ශී‍්‍ර ලාංකිකයින් වෙරළට පැමිණ තිබුණේ දියනෑමේ සූදානමින් නොවන බවද අනාවරණ වී තිබෙනවා.

මෙම තරුණයන් ලන්ඩනයේ පදිංචි පුද්ගලයින් බවටයි හෙළිවී ඇත්තේ. එහෙත් ඔවුන් නීත්‍යානුකූලව එංගලන්තයේ රැඳී සිටි පුද්ගලයන් දැයි තහවුරු වී නැහැ.

camber-634568
වමේ සිට නිදර්ශන් රවී , කෙන්නාධන් , කුරුශාන්තන් අන්නා , කෝභිනාධන් , ඉන්දුශාන් ශ්‍රී

Camber-633690 Camber-sands-703699 Kurushanth-Anna-and-Nitharshan-Ravi-634082