Tuesday, April 15, 2025

General line - 0115112241

නොවැම්බර් මාසයේත් ඉන්ධන මිල අඩු කිරීමට අවස්ථාවක්



ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය අනුව එළඹෙන නොවැම්බර් මාසයේදීද ඉන්ධන මිල අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුව කටයුතු කරන්නේ නම් තවදුරටත් ඉන්ධන සඳහා සහන දිය හැකි බවයි. 

ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් උසස්වීම් සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් පවතින බවයි.

විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.