Sunday, April 13, 2025

General line - 0115112241

දිල්ලියේ පාසලක් අසල විශාල පිපිරීමක් 



ඉන්දියාවේ දිල්ලි නුවර රෝහිනි හි CRPF  පාසල අසල අද උදෑසන විශාල පිපිරීමක් සිදු වී තිබෙනවා.

පෙරවරු 7.47 ට  පාසලේ තාප්පයක් අසල පිපිරීම සිදු ව්වි ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

දිල්ලි පොලිස් විශේෂ කොට්ඨාශයේ නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පැමිණ ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රදේශවාසීන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ පිපිරීමෙන් පාසල අසල නවතා තිබූ මෝටර් රථවල වීදුරු කැඩී ගොස් ඇති බවත් එම ස්ථානයේ වෙළෙඳසල්වල සහ සංඥා පුවරුවලට හානි සිදුව ඇති බවයි.