Sunday, April 13, 2025

General line - 0115112241

කාන්තා විස්සයි විස්ස අවසන් මහා තරගයට සියල්ල සූදානම් - පළමු වරට ශ්‍රී ලාංකික විනිසුරුවරියක් ලෝක කුසලාන පිටියට.



විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය මේ වන විට පැවැත් වෙනවා.

ඒ, නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතරයි. 

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස අවසන් මහා ක්‍රිකට් තරගය රාත්‍රී 07.30 ට ආරම්භ වූ අතර මේ වන විට නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටිනවා 

කණ්ඩායම් දෙකම අද තරග බිමට පිවිසෙන්නේ කුළුදුල් පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සිය මව්බිමට දිනා දීමේ අරමුණින්. 

අද පැවැත්වෙන අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකදී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කරන පළමු ලාංකික විනිසුරුවරිය ඇය වීම විශේෂත්වයක්.