Wednesday, April 16, 2025

General line - 0115112241

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු මත පාදුක්ක, පොරේ ගෙදර සහ උඩුමුල්ල ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 කට ආසන්න ප්‍රමාණයක්, ජංගම දුරකථන දෙකක්, විද්්‍යුත් තරාදියක් සහ රුපියල් 4,300ක මුදලක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.