Saturday, April 19, 2025

General line - 0115112241

මාස 10 කට පසු උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට



කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මහව සිට අනුරාධපුරය දක්වා කොටස පසුගිය ජනවාරි මස සිට වසා දැමූ බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ.


උතුරු දුම්රිය මාර්ගයේ හරස් මාර්ග භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසටද මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.