Thursday, March 13, 2025

General line - 0115112241

ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය 



ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය පසුගියදා පැවැත්වුණා. 

ඒ විහාරාධිපති ඉතාලියේ අධිකරණ සංඝනායක පුජ්‍ය වතෝගල ධම්මික ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන්.

කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමට පෙර දින රාත්‍රි පිරිත් දේශනාව පැවැත්වුනේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විපුලසිරි ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන්. 

බ්‍රේෂියා නගරයේ සහ අවට නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ආගම් භේදයකින් තොරව පින්කමට සහභාගි වී සිටීම විශේෂත්වයක්. 

මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ බ්‍රේෂියා ව්‍යාපාරික සංසදය සහ දායක සභාව විසින්. 

කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම සිදුකෙරුණා. 

පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් දිවා ආහාර දන්සැලක්ද බ්‍රේෂියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධාන කර තිබුණා.