Wednesday, May 21, 2025

General line - 0115112241

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙක් මෙරටදී අත්අඩංගුවට



කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ රසකැවිලි අඩංගු පෙට්ටි අතර සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාමට උත්සහ කළ සිටි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් කළ වැටලීමකදීයි. 

එම වැටලීමේදී කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 900ක කුෂ් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. 

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ 50,000ක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා 33 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

ටීකේජී කපිල