Friday, April 26, 2024

General line - 0115112241

ඇමති රාජිත දේශපාලන ‘රහසක්‘ හෙළි කරයි




අමාත්‍ය රාජිත සේනාරත්න තවත් දේශපාලන රහසක් ඊයේ හෙළි කළා.

ඒ අභාවප‍්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ශෝක යෝජනා වාරයේදීයි.

එහිදි ඔහු හෙළි කළේ 2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැළසුම් කළ ආකාරයයි.

එකළ ආණ්ඩුවේ තත්වය තමා එම්.කේ.ඒ.ඩී.එස් මැතිතුමාගෙන් විමසූ බවත්, එහිදී ඔහු තමාට මෙම ආණ්ඩුව එපා වී ඇති කී බවත් පසුව තමා දේශපාලන තීන්දුවක් ගමුදැයි ඔහුට යෝජනා කළ බවත් ඊට පිළිතුරු ලෙස ‘මම තව එකෙක් හොය හොය හිටියේ‘ යැයි ඔහු පැවසූ බවත් අනතුරුව දෙදෙනාම ආණ්ඩුවෙන් එළියට බැස මෛත්‍රීපාල සිරිසේන මහතාව හිටපු නායිකා චන්ද්‍රිකාගේ නිවසේ හමුවී එතැන් පටන් ජනාධිපතිවරණ සටනට පිවිසි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.