Tuesday, March 11, 2025

General line - 0115112241

ස්වභාවික වායු මගින් විදුලි ඒකකයක පිරිවැය අඩු වනවාද ?



ස්වභාවික වායු මගින් විදුලි උත්පාදනය කිරීම හරහා විදුලි ඒකකයක පිරිවැය රුපියල් 24ක් දක්වා අඩු කිරීම ගැටළු සහගත බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පවසනවා. 

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ රුපියල් 31කටත් වඩා වැඩි අගයක් ගෙන ඇති විදුලි ඒකකයක පිරිවැය රුපියල් 24ක් දක්වා අඩු කිරීම සිය සැලසුම වන බවයි. 

ස්වභාවික වායු මගින් විදුලි උත්පාදනය ආරම්භ කිරීම එම සැලසුමේ කොටසක් වන බවද ඔහු කියා සිටියා.


කෙසේවෙතත් ස්වභාවික වායු මගින් විදුලි උත්පාදනය කිරීම සඳහා විදුලි ඒකකයකට අවම වශයෙන් රුපියල් 50 ක පමණ මුදලක් වැයවන බවයි බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසුවේ.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා.