2024 යල කන්නයේ වගා හානිවලට අදාල වන්දි ලබාදීම ජනවාරි 05 වනදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ පසුගිය මාර්තු මස සිට ඔක්තෝම්බර් මස දක්වා කාලය යල කන්නයට අදාලව විවිධ හේතූන් මත වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වූ බවයි.
ඒ අනුව ගං වතුර, නියඟ සහ වනඅලි උවඳුරු මගින් සිදු වූ වගා හානි සඳහා එලෙස වන්දි ලබාදෙන බවද ඔහු පැවසුවා.
සියලුම දිස්ත්‍රික්කවලට වගා හානි ගෙවීමට කටයුතු කර තිබෙනවා.
සියයට 80 කට ආසන්න ගොවීන් ප්‍රමාණයකට රුපියල් මිලියන 80 කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ.
ඉතිරි ගොවීන් සියලු දෙනාට ජනවාරි 05 වන දින වන විට අදාළ වන්දි, මුදල ගෙවීමට කටයුතු කර තිබෙනවා.
එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවා.
මේ අතර 2024, 2025 මහ කන්නයට අදාල වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.