Thursday, March 6, 2025

General line - 0115112241

රාජ්‍ය සේවය කප්පාදු කරන බවට ආණ්ඩුවට චෝදනා



රාජ්‍ය සේවය කප්පාදු කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසනවා. 

ඒ අනුව අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයන්ගේ සේවා කාලය අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.

රාජ්‍ය සේවකයන් බිය කර විධිමත් සේවයක් පවත්වාගෙන යාමට නොහැකි බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් පැවසුවා.

>