මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වුවමනාවක් මෙන්ම හැකියාවක් ද නොමැති බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අනුව ගොවීන්ගේ ගැටළුවලට ද නිසි විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවයි ඇහැටුවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
මේ අතර වී සඳහා සහතික මිලක් නිකුත් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.
කෙසේවෙතත් සහල් හිඟයක් රට තුළ යළි ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
හොරණ, පොකුණවිට ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.