Monday, March 31, 2025

General line - 0115112241

රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එමෙන්ම ප්‍රදේශ රැසක පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.


දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද පැහැදිලි කෙරුණා.