Saturday, April 27, 2024

General line - 0115112241

කර්නල්ගේ බිරිඳට වෙඩි තබයි




මාලඹේ ප‍්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳක් තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ තුවාල ලැබූ බිරිඳ සිය දරුවන් තිදෙනාද සමග නිවසේ රැඳී සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

තුවාල ලැබූ කර්නල්වරයාගේ බිරිඳ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. සිද්ධීය සම්බන්ධයෙන් කොස්වත්ත පොලීසිය විමර්ශන මෙහෙයවනවා.