ලොව හොඳම එක්දින පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි. එහිදී මහීෂ් තීක්ෂණ ස්ථාන 04ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඔහුට හිමි ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාව 663ක්.
එය ඔහුගේ එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රේණිගත කිරීමකදී හිමිවූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ තවදුරටත් පසුවන්නේ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නවතම එක්දින පන්දු යවන්නන් අතර ස්ථාන තුනක් පසුබැස තිබෙනවා. ඔහු දැන් පසුවන්නේ 24වන ස්ථානයේයි.