සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දෙවන දිනට දිවා ආහාරය සඳහා නතර කරන විට ඕස්ටේ්‍රලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 475ක් රැස් කරගෙන සිටියා.
ඕස්ටේ්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සුපිරි ක්‍රීඩක උස්මාන් කවාජා සමත් වුණා.
දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ඔහු හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් ලකුණු 204ක් රැස් කරගෙන සිටියා.
ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ලකුණු 141ක් ලබා සිටියදී දැවී ගියා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජැෆ්රි වෙන්ඩර්සේ කඩුලු දෙකක් බිඳහෙළු අතර දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් දවා ගත්තා.