Saturday, April 27, 2024

General line - 0115112241

එජාපයට උපදෙස් දෙන්න අමුත්තන් පිරිසක් එයි




සිංහලයන් ජාතිවාදීන් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. හැටන් නගරයේ අද (28) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා විදෙස් නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. මේ වන විටත් විදෙස් නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඔවුන් රටවල් කිහිපයකම ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ජයග‍්‍රහණ සඳහා උපදෙස් සහ උපාය මාර්ග සකස් කර දුන් කණ්ඩායමක් වනවා. සති දෙකක කාලයක් මෙම නියෝජතයින් පිරිස ශී‍්‍ර ලංකාවේ රැඳී සිටිමින් සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා උපදෙස් ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති දයා ගමගේගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු පැවසුවේ මීට පෙරද එක්සත් ජාතික පක්ෂ සිය සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා විදේශීය නියෝජිතයන්ගේ සහාය ලබා ගත් බවයි. ඕනෑම ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් එවැනි උපදෙස් ලබා ගැනීම සිදු කරන බවද ඔහු සඳහන් කළා.