ගෝලී ආර්ථිකය තුළ දුබලයෙකු නොවී ආර්ථික නිදහස අත්පත් කර ගැනීමට සියලු දෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 77 වන ජාතික නිදහස් සැමරුම් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඉතිහාසය විසින් භාරදුන් රට වෙනුවට දියුණු හා මනුෂ්‍යත්වයෙන් පිරි රටක් අනාගත පරපුරට භාරදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
ලොව ආදර්ශමත්ම රාජ්‍යයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළා.