Wednesday, March 12, 2025

General line - 0115112241

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කරයි



“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට පවතින බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ “සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.


“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ පිළිබඳව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැහැදිළි කළා.


“සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124කදී වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද ක්‍රියාත්මක වුණා. 

රට පුරා කිලෝමීටර් 1,740ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම එම වැඩසටහනේ අරමුණයි.