පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙනවා.
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි කතානායකවරයා විසින් මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධි විධාන ප්‍රකාරවයි.
එම විශේෂ රැස්වීම කැඳවීම අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගිය 10 වනදා කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව අද උදෑසන 09යි 30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවද අද රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ.