Sunday, February 23, 2025

General line - 0115112241

විදුලිය අදත් කැපෙනවාද නැද්ද? - තීරණය උදෑසන දැනුම් දෙන බව ලංවිම කියයි



අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදු වනවාද නැද්ද යන්න පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණු අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වුණා. 

ඒ හේතුවෙන් ඉකුත් සඳුදා සහ අඟහරුවාදා කලාප වශයෙන් පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදුවූ අතර ඊයේ දිනයේදී පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. 

මේ අතර අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුන යථා තත්ත්වයට පත් කර එය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා ඊයේ රාත්‍රිය වන විටත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනෙරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අවශ්‍ය පියවර ගනිමින් සිටියා. 

ඒ අනුව එම බලාගාරයේ විදුලි ජනන කටයුතු නැවත ආරම්භ කර ජාතික පද්ධතියට අද දිනය තුළ එක් කිරීමට උත්සහ දරමින් සිටින බවද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.