ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්දේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව පොලීසිය පවසනවා.
කෙසේවෙතත් වන සංරක්‍ෂණ කාර්යාලය දෙසට ගින්න ව්‍යාප්තවීම මැඩපවත්වා ඇති බවයි පොලීසිය පැවසුවේ.
ගින්න ඊයේ පස්වරුවේ එම ගින්න හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව, පොලීසිය, වන සංරක්‍ෂණ මෙන්ම වනජීවී නිලධාරීන්ද එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ගින්නෙන් ඇල්ල කන්දේ අක්කර 15ක් පමණ මේ වන විට විනාශ වී තිබෙනවා.
මේ අතර හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයේ ඊයේ පස්වරුවේ පස්වරුවේ හටගත් ගින්න අද අලුයම 02යි 30ට පමණ පාලනය කර තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් ස්ථානවල සුළු ගිනි ගැනීම් තවදුරටත් පවතින බවයි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.
බොරළුගොඩ කර්මාන්ත පුරයේ ගින්නක් හටගෙන ඇති බවට හොරණ ගිනි නිවීම් අංශයට දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ ඊයේ පස්වරු 04යි 55ට පමණයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම ගිනි නිවීම් අංශය ගිනි නිවීම් භටයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි නිවීම් රථ කිහිපයක් සමග එම ස්ථානයට යොමු කර තිබුණා.
ඉන් අනතුරුව ගින්න නිවීම සඳහා සෙසු ගිනි නිවීම් අංශවලින් සහය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කළුතර සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීම් අංශවලින් පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
බොරළුගොඩ කර්මාන්තපුරයේ සුවඳවිලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක එලෙස ගින්න හටගෙන තිබුණා.
එම ගින්න කර්මාන්තපුරයේ වෙනත් කර්මාන්ත ශාලා වෙත පැතිර යාමට තිබූ අවදානමද මේ වන විට පහව ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.