කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ වූ කායවර්ධන ක්‍රීඩකයින් භාවිත කරන අතිරේක පෝෂජනක කිරි පිටි අඩංගු බෝතල් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 500ක ප්‍රමාණය සගවාගෙන තිබියදී සොයාගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බස් රථ රියදුරෙක්.