Sunday, February 23, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගේ නව තීරු බදු වලට එරෙහිව චීනයෙන් ප්‍රතිචාර



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආනයනය තීරු බදු සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ , ඇමරිකාවේ එම ක්‍රියාව ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ක්‍රියාවක් වන අතර එය විවිධ රටවල අයිතිවාසිකම් සඳහා සිදු කරන බරපතල හානියක් බවයි.

තවද සිය වැරදි ක්‍රියාවන් වහාම නිවැරදි කර ගනිමින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට නැවත පැමිණ, සාම සාකච්ඡා හරහා තම තමන්ගේ ගැටළු විසඳාගැනීමට විවිධ රටවල් සමග කටයුතු කරන ලෙසද ප්‍රකාශකයා ඉල්ලා තිබෙනවා.

ගෝලීය වෙළඳ හවුල්කරුවන්ගෙන් ඇමරිකාව වෙත ගෙන්වනු ලබන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන කෙරෙහි 25% ක අතිරේක තීරු බදු පැනවීම පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබුනා 

අමෙරිකාවට අවශ්‍ය වානේ සහ ඇලුමිනියම්වලින් වැඩි ප්‍රමාණයක් කැනඩාව, ජර්මනිය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවලින් ආනයන කෙරෙනවා. 

නව ආනයන බද්ද පනවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමෙරිකාවට අවශ්‍ය වානේ සහ ඇලුමිනියම් සිය රට තුළම නිෂ්පාදනය කිරීම අවශ්‍ය බවයි. 

එය අමෙරිකාව නැවත පොහොසත් කිරීමේ ආරම්භයක් ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 

අමෙරිකානු ජනාධිපති ධූරයට නැවත පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් ගණනාවකින් ආනයන කෙරෙන භාණ්ඩ සඳහා විවිධ බදු පනවනු ලැබුවා.