Tuesday, March 25, 2025

General line - 0115112241

ජනාධිපති ලේකම් සහ තුර්කි තානාපතිවරයා අතර හමුවක්.



ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලු‍ට්ෆූ ටර්ගට් මහතා අතර හමුවක් අද සිදුවුණා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට අඛණ්ඩ සහාය ලබා දෙන බවයි එම හමුවේදී  තුර්කි තානාපතිවරයා පවසා ඇත්තේ. 

ඩිජිටල්කරණ සහ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය අවම කිරීමට  රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බවද තුර්කි තානාපතිවරයා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.