Sunday, February 23, 2025

General line - 0115112241

මෙරට ක්‍රියාත්මක වූ යූ එස් ඒඩ් ව්‍යාපෘතිය ගැන විගණනයක් සිදු කරන බව අමෙරිකානු තානාපතිනිය කියයි



මෙරට ක්‍රියාත්මක වූ යූ එස් ඒඩ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන බවට මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

ඇය අද බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණ සිදුකළ සාකච්ඡාවකදී එම අදහස් පළ කළ බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ. 


අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සමග පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.